වසර 16කට පසු ඉන්දීය රජය ජන සංගණනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2027 වසරේ මාර්තු මාසය වන විට එම සංගණනය අවසන් කිරීමටයි ඉන්දීය රජය සැලසුම් කර ඇත්තේ.
අදියර දෙකකින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සංගණනය ඉන්දියාවේ පළමුවරට සිදු කෙරෙන ඩිජිටල් සංගණනය වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
ඉන්දියාවේ අවසන් වරට ජන සංගණනයක් පවත්වා ඇත්තේ 2011 වසරේදීයි.

ඉන්අනතුරුව 2021 වසරේදී ජන සංගණනයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද මේ දක්වා එම සංගණනය පවත්වා නැහැ.
ඒ, කොවිඩ් වසංගතය ඇතුළු හේතු කිහිපයක් මුල්කර ගනිමින්.
කෙසේවෙතත් ජන සංගණනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ඉන්දීය රජයට චෝදනා ද එල්ල කළා.
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මෙම ජන සංගණනය ලොව විශාලතම ජන සංගණනය වනවා.