සිංගප්පූරුව බලා යමින් සිටි ශ‍්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම මත ඉන්දුනීසියාවේ ගුවන්තොටුපොළකට හදිසි ගොඩ බැස්වීමක් සිදු කර ඇත.
මෙම ගුවන් යානයේ මගින් 93 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 08 දෙනෙකු සිට තිබේ.
යානය පරීක්‍ෂා කර බලා දෝෂය නැවත සකස් කිරීමට යම් වෙලාවක් ගත වන බව පැවසූ නිසා මගීන්ව එම ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටලයකට රැගෙන යාමට උත්සහ කර ඇත.
නමුත් එරට ආගමන නිලධාරීන් අකැමති වීම මත වෙනත් ගුවන් යානයනක් ශ්‍රී ලංකාවේ සිට යැවීමට උත්සාහ කලද ඊටද මෙඩාන් ගුවන්තොටුපොලෙන් අවසර ලැබී නැත.
කෙසේවෙතත් එම අවසරය අද දින ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සදහා ගුවන් යානයක් යැවීමට සූදානම් කර ඇත.