ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.
ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි.
මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකළ මෙහෙයුමට එරෙහිව ඉරානය සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව බවද ඔවුන් පවසයි.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පවසා සිටියේ, රට පුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බැවින් ඕනෑම තර්ජනයකට මුහුණදීමට තමන්ට හැකි බවය.
