ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නවතා තිබෙනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ ඊශ්‍රායලය මෙන්ම ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට යම් ගැටලුවක් පවතින්නේ නම් අදාළ තානාපති කාර්යාල හෝ විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය හා සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා නාතාපති නිමල් බණ්ඩාර මහතාගෙන්ද අප මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළා. ඔහු කියා සිටියේ පවත්නා යුද ගැටුම් තවත් සති දෙකක් පමණ ඉදිරියට යාමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් කන්ඩායම් වශයෙන් ගෙන්වාගත හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.