ටෙහෙරාන් නුවරෙන් වහා පිටවෙන්න – ට්‍රම්ප් අවධාරණය කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉරානයේ ටෙහෙරාන් නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

ඒ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනල් තබමිනි.

කෙසේවෙතත් ට්‍රම්ප් ඊට හේතුවක් දක්වා නොමැත.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය, අමෙරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබූ බවයි.

“ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැක. මම එය නැවත නැවතත් කීවෙමි! සියලු දෙනාම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුය!” ඔහු Truth Social ඔස්සේ සටහනක් තබමින් කියාසිටියේය.