“මට ගිනිඅවි දුන්නේ දේශපාලකයන් හා පොලීසියේ අයයි” – මධූෂ්, නම් එක්කම වමාරයි

Picture of අසංක

අසංක

තමන්ට ගිනි අවි ලබාදුන්නේ දේශපාලඥයන් සහ පොලීසියේ පිරිසක් බවට මාකඳුරේ මධූෂ් හෙළිකර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවෙයි.

ගිනි අවි ලබාදුන් දේශපාලනඥයන් හා පොලිස් නිලධාරීන්ගේ සියලුම තොරතුරු ද ඔහු රහස් පොලීසියට පවසා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන තැතක් සම්බන්ධයෙන් ඇප මත සිටින නාලක සිල්වා හා තමා අතර තිබූ සබඳතාව පිළිබඳව ද මාකඳුරේ මධූෂ් තොරතුරු හෙළිකර තිබේ.

එමෙන්ම තමන් සමීප හිතවත්කම් පැවැත්වූ දේශපාලනඡයන් ඇතුළු බොහෝ දෙනකුගේ විස්තර ද මධූෂ් විසින් හෙළිකර රහස් පොලීසියට හෙළි කර ඇත.