ජනපති පරිසර ලොක්කො හමුවෙන්න කලින් එළියට ආපු පොලිතින් වැටලීම

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජුනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ ඊයේ (24) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

මෙම රැස්වීමට පරිසර ප්‍රධානීන් හමුවීමට දිනකට පෙර වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරමින් පැවැති පොලිතින් තොගයක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික සේවා අධිකාරිය හා පොලිසිය ඒකාබද්ධ වැටලීමක් කර ඇත.
එහිදී වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදන යොදාගනිමින් නිෂ්පාදනය කළ රුපියල් ලක්ෂ 10ක පමණ පොලිතින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.


LDPE ග්‍රොසරි බෑග් සහ ෂොපින් බෑග් නිෂ්පාදනය සඳහා පමණක් අවසර ලබා ගනිමින් මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.
පරිසර අධිකාරිය හෝ පරිසර අමාත්‍යංශයේ අදාල ක්‍රියාකාරකම් සිදුවීමට හා ඒවා මාධ්‍යට නිකුත්වීමට ජනාධිපතිවරයා හා පරිසර ප්‍රධානීන් හමුවක් පැමිණිය යුතුව ඇතැයි පරිසර අමාත්‍යංශයේ ආරංචිමාර්ගවලින් ද කළම්බො එක්ස්‍ප්‍රස්වෙත දැනගන්නට ලැබිණි.