ආරක්‍ෂක උපදෙස් පිළිපදින ලෙස තානාපති අංශ , ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

අද දිනය පුරා මෙම තත්ත්වය වර්ධනය විය හැකි බවට ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

ඒ අනුව ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසටයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ.