සටන් විරාම සාකච්ජා මැද තෙල් මිළ පහතට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල 5% කින් පමණ පහත වැටී තිබෙනවා.

සති දෙකකට ආසන්න ගැටුමකින් පසු ඊශ්‍රායලය ඉරානය සමඟ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු තෙල්මිල පහළ ගියා.

ජාත්‍යන්තර තෙල් මිල පිළිබඳ මිණුමක් ලෙස සලකන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මුළින්ම ඩොලර් 68 දක්වා පහත වැටුණා.

නමුත් ඉරානය සහ ඊශ්‍රායලය පැය කිහිපයක් ඇතුළත සටන් විරාමය කඩ කළ බවට එකිනෙකාට චෝදනා කිරීමෙන් පසුව එය යම් ප්‍රමාණයකට යළි ඉහළ යාමක් දක්නට ලැබුණා.

තෙල් හා ගෑස් ප්‍රවාහනය කරන ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ඉරානය ගෝලීය සැපයුම්වලට බාධා කළ හැකි බවට ඇති බිය වර්ධනය වීමත් සමඟ මෑත දිනවල බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබුණා.