ගාසා තීරයේ දරු­වන් මිලි­ය­න­යක් මන්ද­පෝ­ෂ­ණ­යට ගොදු­රු­වීමේ අව­දා­න­මක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාසා තීරයේ දැවැන්ත සාග­ත­යක අව­දා­න­මක් පව­තින බවට අන­තුරු අඟවා ජාත්‍ය­න්තර මානු­ෂීය ආධාර සප­යන සංවි­ධාන 115ක් අත්සන් තැබූ ලිපි­යක් ප්‍රකා­ශ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ජන­තාව සාගින්නේ මිය යෑමට ඊශ්‍රා­යල රජය කට­යුතු කරන බවට චෝදනා කර­මින් ප්‍රකා­ශ­යට පත් කර ඇති එම ලිපි­යෙහි සමස්ත ගාසා තීරයේ ජන ජීවි­තය ව්‍යාකූ­ල­ත්ව­යට පත් කිරීම සහ ජන­තා­වට කුස­ගින්නේ මිය­යෑ­මට ඉඩ සැලැ­ස්වී­මෙන් ඊශ්‍රා­යල රජය අමා­නු­ෂීය ක්‍රියා­ක­ලා­ප­යක නිර­ත­වන බවත්, ජාත්‍ය­න්තර මානු­ෂීය ආධාර සැප­යුම අව­හිර කිරී­මෙන් ගාසා තීරයේ දරු­වන් දහස් සංඛ්‍යා­වක් මන්ද­පෝ­ෂ­ණ­යට ගොදුරු වී ඇති බවත් සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. මේ වන ­විට දැඩි අව­දා­නම් තත්ත්ව­යක පව­තින ගාසා තීරයේ උග්‍ර මන්ද­පෝ­ෂ­ණය වාර්තා­ගත අයු­රින් ඉහළ යමින් පව­තින බවද එහි සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

ගාසා තීර­යට නිත්‍ය සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙසත්, දේශ­සීමා දොරටු විවෘත කර සියලු ආධාර සීමා­වන් ඉවත් කිරී­මට ඊශ්‍රා­යල රජ­යට බල­පෑම් කරන ලෙසත් එම ලිපිය මඟින් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යෙන් හා ලෝක ප්‍රජා­ව­ගෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

මේ අතර ගාසා තීරයේ දරු­වන් මිලි­ය­න­යක් මන්ද­පෝ­ෂ­ණ­යට ගොදුරු වීමේ අව­දා­න­මක් මතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ පල­ස්තීන සර­ණා­ගත ඒජ­න්සියේ ප්‍රකා­ශක අද්නාන් අබු හස්නා අන­තුරු ඇඟවූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ දරු­වන් පම­ණක් නොව පානීය ජලය සහ ආහාර නොලැ­බී­මෙන් 90%ක වැඩි­හිටි ජන­තාව ද දරුණු සාගි­න්න­කට ගොදුරු වීමේ අව­දා­න­මක් මතුවී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ පල­ස්තීන සර­ණා­ගත ඒජ­න්සියේ ප්‍රකා­ශක වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. මූලික අව­ශ්‍යතා බිඳ වැටීම හේතු­වෙන් ගාසා තීරයේ වසං­ගත හා රෝග පැති­රීමේ අව­දා­න­මත් ඉහළ මට්ට­මක පව­තින බව ඔහු ප්‍රකාශ කර තිබේ.