මෙරට සංචාරක තහනම චීන රජය ඉවත් කරගනියි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් මෙරට සංචාරය සඳහා පැනවූ තහනම චීන රජය විසින් ඉවත් කර තිබේ.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

ඉකුත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූබෝම්බ ප්‍රහාර හේතුවෙන් මෙරට සංචාරය සඳහා පැමිණෙන්නන්ට රටවල් කිහිපයක් විසින් තහනම් පනවා තිබුණි.

මේ වනවිට රට තුළ ආරක්ෂක තත්ත්වය තහවුරු වී ඇති බැවින් අදාළ තහනම ඉවත් කරගන්නා ලෙස ජනාධිතිවරයා සහ අගමැතිවරයා විසින් තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට ඉකුත් දා ඉල්ලීම් කර තිබුණි.