අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා කිසිදු ත්‍රස්ත කයුත්තක සම්බන්ධ නැතිලු

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශයේ සේවය කරමින් සිටියදී තවුහීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුචිගත කිරීමේ නිලධාරියා කිසිදු ත්‍රස්ත සංවිධානයකට සහය දැක්වූවකු නොවන බවට හෙළිවී තිබේ.

එමෙන්ම ඔහු කිසිදු සංවිධානයකට සම්බන්ධ වී අන්තවාදී කටයුතු සඳහා සහය දුන්නකු නොවන බවට ද විමර්ශනයේදී හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

වසර 8ක පමණ කාලයක සිට ජාතික තවුහීඩ් ජමාත් සංවිධානය හා සම්බන්ධ වී කටවුතු කළ බව කියන මෙම පුද්ගලයා පසුගියදා අත්අඩංගුවට ගැනුණු අතර පාර්ලිමේන්තුවේ ඔහු සේවය කරන කාර්යාලය කාමරයේ ඔහු පරිහරණය කළ බඩු බාහිරාදිය ද පරීක්ෂාවට ලක්කළේ ය.
එහිදී ද සැකකටයුතු කිසිවක් හමුවී තිබුණේ නැත.