ISIS ත්‍රස්තයින් 15 දෙනෙකු ලංකාවෙන් ඉන්දියාවට පනී – ඉන්දු ආරක්ෂක අංශ සීරුවෙන්

Picture of අසංක

අසංක

ISIS සංවිධානයට ඍජු ලෙසම සම්භන්ධ ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වෙරල තීරය වෙත පැමිණෙමින් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ වාර්තා කිරීමත් සමග කේරල ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සිට මෙලෙස ත්‍රස්තවාදීන් පිරිසක් ඉන්දියාවේ ලක්ෂද්වීප් වෙරල තීරය හරහා සුදුපැහැති ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් ඇති බව ඉන්දීය බුද්ධි අංශ ඊයේ වාර්තා කර තිබිණ.

ඒ අනුව කේරල වෙරල තීරයේ මේ වනවිට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එම ත්‍රස්තයින් කේරල වෙරල තීරයට ඇතුළුවීම වැලැක්වීම සඳහාද විශේෂ නාවික මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටී.