පොලිස් ලොක්කයි බුද්ධි ලොක්කයි ගජරාමෙට දෙහිවල කරගෙන යන හොර වැඩේ

Picture of අසංක

අසංක

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු හා බුද්ධි අංශ ලොක්කෙකු සමඟ හොර රහසේ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන බවට ආරංචි මාර්ග පවසයි.

දෙහිවල වෙරළාසන්නයේ පිහිටි මෙම හෝටලය ඉදිකර ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට වුවද එය නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් අත්පත් කරගෙන හෝටලය ඉදිකර තිබේ.

මෙම හෝටලය ඉදිකිරීමට මුදල් ලැබී ඇති ආකාරය ද ගැටලුසහගත තත්ත්වයකට පත්ව ඇත.

උදෑසන සිට රාත්‍රි දක්වා විවෘත කොට තබා ඇති මෙම හෝලටය පවත්වාගෙන යනු ලබන්නේ බුද්ධි අංශ ලොක්කාගේ නමින් පමණි.

මෙහි පොලිස් ලොක්කාට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැමි ටෙන්ඩර් හා වෙනත් ආකාරවලින් මසකට මිලියන ත්-ත් අතර ආදායමක් ලැබෙන බවට හෙළිවී තිබේ.

ඔහුට වැඩිම කොමිස් ආදායමක් ලැබෙන බව පැවසෙන්නේ පොලිස් රෝහලේ ඖෂධ මිලදී ගැනීමේ කටයුතු හරහායි.

පොලිස් රෝහලේ ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන සිදුවන අක්‍රිකතා පිළිබඳ හඬ නැඟූ එම රෝහලේ පොලිස් අධිකාරිවරයකුට කාර්යභාරයක් නොමැතිව මාරුවීමක් ලබාදීමට ද එම පොලිස් ලොක්කා කටයුතු කර තිබේ.