‘තමන්නා’ ලංකාවට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන තමන්නා භාටියා අද (9) පස්වරුවේ ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඉන්දියාවේ නිෂ්පාදන ආයතනයක් සහ මෙරට විදෙස් චිත්‍රපට හා සෙසු නිෂ්පාදනයන් සඳහා සේවා සපයන ආයතනයක් එක්ව සිදුකරන ඉන්දීය වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා ඇය මෙලෙස මෙරටට පැමිණේ.

මෙම රූපගත කිරීම් අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

තමන්නා මීට පෙර ද අවස්ථා කිහිපයක දී ලංකාවට පැමිණ තිබේ.