දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර මහතා ඇතුලත්ව සිටින බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මෙම ලැයිස්තුව දකුණු ආසියාවේ එක් එක් රටවල ධනවත්ම පුද්ගලයා නියෝජනය වන පරිදි සකස් කර ඇත.

ඉෂාර නානායක්කාර මහතාගේ ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස තක්සේරු කර ඇති අතර 2025 වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ අංක එකට සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යාමට ඔහු සමත්ව ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වේ.
ඉෂාර නානායක්කාර මහතා රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන LOLC හෝල්ඩින්ග්ස් හි අධිපති ලෙස කටයුතු කරන අතර ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී විශාල දායකත්වයක් ලබා දී තිබේ.