පොලිස් රථවාහන ලොක්කෙක් හෝටලයකට කඩාවැදී කෑෂ් මැෂිමක් කොල්ලකාලා

Picture of අසංක

අසංක

පොලිස් රථවාහන අංශයේ ඉහළ නිලධාරියෙක් කිරිල්ලවල ප්‍රදේශයේ හෝටලයකට කඩාවැදී අහසට වෙඩි තබා කළමනාකරුගේ හිසට පිස්තෝලය එල්ල කොට එහි තිබූ මුදල් යන්ත්‍රය කොල්ලකාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් The Colombo Express වෙත තොරතුරු වාර්තා වේ.

මෙය සිදුවී ඇත්තේ මීට සතියකට පමණ ඉහතදී ය.

පොලිස් නිලධාරියාගෙන් රුපියල් ලක්ෂ 40ක මුදලක් පොලී මුදලක් ලෙස හෝටල් හිමිකරු ලබාගෙන ඇති අතර පසුගිය මාසයේ නියමිත පොලී මුදල ගෙවීමට ප්‍රමාද වීම මෙම සිදුවීමට මුල්වී තිබේ.

මේ පිළිබඳ කිසියම් හෝ පැමිණිල්ලක් පොලීසිය වෙත කර තිබුණොත් ඒ හිමිකරු මරාදමන ලෙස පොලිස් නිලධාරියා තර්ජනය කර ඇත.

මේ හේතුවෙන් හෝටල් හිමියා භීතියෙන් පැමිණිල්ලක් හෝ නොදමා සිටින බව ද වාර්තා වේ.

මෙම පොලිස් නිලධාරියා මීට පෙර විවිධ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිවයෙන් වරින් වර අතිහිටුවූ අයෙකි.

එහෙත් ඔහුගේ බිරිඳගේ පියා නොහොත් මාමණ්ඩිය ප්‍රබල දේශපාලන සබඳකම් ඇති විශ්‍රාමික පොලිස් උසස් නිලධාරියෙකි.

මෙ පොලිස් නිලධාරියා වරදකට හසුව සේවයෙන් දඬුවම් විඳින සෑම අවස්ථාවකම දේශපාලකයන්ගේ සහයෙන් ඔහු ගලවාගෙන යළි සේවයේ පිහිටුවන්නේ ද ඔහුගේ මාමණ්ඩියයි.

මෙම පොලිස් නිලධාරියා අවස්ථා ගණනාවකදී අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන, සේවයෙන් වරින් වර අත්හිටුවීමට ලක්වූ අයෙක් වුවද දේශපාලන සම්බන්ධකම්වල අනුහසින් තවමත් සේවයේ නිරතව සිටියි.