බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල අද(21) සිට අඛණ්ඩ වැඩවර්ජනය නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, අද උදෑසන 8 සිට එම වැඩවර්ජනය ආරම්භ කරන බවයි.
ඒ , බස්නාහාර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසින් ගැටලු සහගත ආකාරයෙන් ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමට විරෝධය පල කරමිනි.
වැඩවර්ජනය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ, සීටී පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම හා ඖෂධ බෙදා හැරීම ඇතුළු සේවා වලට බලපෑම් එල්ල විය හැකි බව චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙයි