සයිබර් ප්‍රහාරයකින් යුරෝපයේ ගුවන්තොටුපොළ රැසක් “අවුල් වේ”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යුරෝපයේ ප්‍රධානපොළේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා පැමිණ තිබේ. 

හීතෘ, බ්‍රසල්ස්, බර්ලින්, ඇතුළු ගුවන්තොටුපොළ රැසක කටයුතු මේ හේතුවෙන් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ගුවන් යානා වෙත මගීන් ඇතුළත් කර ගැනීමට අදාළ සේවා සපයන අන්තර්ජාල පද්ධතියක් ඉළක්ක කර ගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය. 

මේ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයන් හා අවලංගු වීම් ද සිදුව ඇති බව වාර්තා වෙයි. 

කෙසේ වෙතත් ඇති වූ තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගන්නා බව එම ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.