ආණ්ඩුවේ මැති ඇමති දේපල ගැන අල්ලස් කොමිසමෙන් විමර්ෂණ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම පනතට අදාළව ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කොමිෂන් සභාව විමර්ශනය කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ දේපළ තොරතුරු වඩාත් පැහැදිලිව දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස් කොමිෂන් සභාවෙන් විශාල පිරිසක් ඉල්ලීම් කර ඇති බවද සඳහන් වේ.

තවද, විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමින් ඉදිරි දිනවලදී තවත් පැමිණිලි රැසක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.