නුගේගොඩ විරෝධතා රැලියට සහභාගී වීමට විපක්‍ෂය දක්වන හේතු 21 මෙන්න!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම 21 වැනිදා නුගේගොඩදී පවත්වන “මහා ජනහඬ” ආණ්ඩු විරෝධී රැලිය කරුණු 21 ක් මුල්කරගෙන ඒ කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කරවීමට විපක්ෂයේ දේශපාලන පක්‍ෂ සැලසුම් කර ඇත.

එදින සවස 2 ට රැළිය පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වෙන විට සූදානම් කර ඇති බව රැලිය සංවිධානය කරන දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.

යෝජිත කරුණු 21 ක ඇතුළු ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකිනෙක මෙම රැළියේදී මතක් කර දීමට විපක්‍ෂයේ දේශපාලනපක්ෂ සැලසුම් කර ඇත.

නුගේගොඩ රැලියට සහභාගී වීමට ඇති හේතු වශයෙන් විපක්‍ෂය දක්වනකරුණු 21 පහත ආකාරයට පෙළ ගස්වාඇත.

  1. ආණ්ඩුවේ බහාලුම් මගඩිය හෙළි වුණ හෙළිවීම,
  2. කියපු විදිහට තෙල් මිල අඩු නොකිරීම,
  3. ලයිට් බිල 1/3කින් අඩු නොකිරීම,
  4. හාල් මාෆියාව රැකපු නිසා,
  5. බදු බර වැඩි කරපු නිසා,
  6. ජාතියේ අභිමානය බිඳ හෙළුෑ නිසා,
  7. ගජ මිතුරු කල්ලි පාලනය නිසා,
  8. මැති -ඇමති වත්කම් වංචාව අපි දැන් දන්න නිසා,
  9. උපාධිධාරීන් හා සුදුසුකම් ලත් තරුණයන්ට රැකියා නොදුන් නිසා,
  10. ගොවීන් අසරණ කළ නිසා,
  11. ජීවන වියදම ඉහළ දාපු නිසා,
  12. නීතියේ ආධිපත්‍ය කෙලෙසපු නිසා,
  13. වෛරය පතුරු වන නිසා,
  14. සියල්ල දේශපාලනීකරණය කළ නිසා,
  15. ස්වදේශික සංස්කෘතිය විකෘති කළ නිසා,
  16. රණවිරුවන් දඩයම් කළ නිසා,
  17. බෙදුම්වාදීන් එක්ක හුරතල් වන නිසා,
  18. හොර ගිවිසුම් ගහපු නිසා,
  19. කියපු බොරු එළිවුණ නිසා,
  20. රටට වැඩක් නොකරපු නිසා,
  21. ඉදිරි වැඩපිළිවෙළක් නැති නිසා.

යන කරුණු ඒ අතර වේ.