කොත්මලේ වේල්ල කැඩී ඇති බවට මේ වනවිට පළවන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම ජලාශය භාර කාර්යයේ නියුතු ඉංජිනේරුවයෙකු පැවසීය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම ඉංජිනේරුවයා පවසා සිටියේ, පවතින වර්ෂාවත් සමග ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 2ක් විවෘත කර ඇති බවත්, එමගින් තත්ත්පරයට ඝන මීටර 80ක ජලය පිටවන බවත්ය.
ජලාශයේ වාන් දොරටු නිකුත්කිරීමට පෙර සයිරන් හඬ නිකුත්කළ බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කොත්මලේ වේල්ල කැඩී ඇති බවත් ඒ හේතුවෙන් වේල්ලට පහළ ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව කඩිනමින් ඉවත්වන ලෙස පුවතක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබුණි.
ඒ හේතුවෙන් එහි සිටි ජනතාව මේ වනවිට ඉහළ ප්‍රදේශවෙත ගමන්කර තිබේ.

