මධුමාධව ඇතුළු තිදෙනකුට විදෙස් ගමන් තහනම් කරයි

Picture of අසංක

අසංක

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්වලට සම්බන්ධ බවට සැකකරන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ආගමන විගමන පාලකවරයා වෙත අද නියෝගයක් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කළ අනෙකුත් පුද්ගලයන් වුණේ මිනුවන්ගොඩ පොල්වත්තේ පදිංචි අතුල දයාරත්න සහ හීනටියන ගුරුගම පදිංචි නුවන් උපේන්ද්‍ර යන අයයි.