බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක්දින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
ඔහු මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් හමුවී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ.
මෙහිදී ඔහු ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තිය සඳහා වන ගිවිසුමටද අත්සන් තැබීමට නියමිතව ඇතැයි සදහන්.
එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට එක්සත් රාජධානියේ සහාය ලබා දෙන මානුෂීය ආධාර හවුල්කරුවන් හමුවීමට බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී සැලැසුම් කර ඇති බව ද වාර්තා වනවා.

