සංචාරක කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධිත නව සංචාරක පොලිස් ඒකක රට පුරා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.
සංචාරකයින්ට මෙරට තුළදී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
සංචාරක මග පෙන්වන්නන් සඳහා ඉදිරියේදී නීති දැඩි කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

