ඉන්දියාවත් මෙරට සංචාරක තහනම ඉවත් කරයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී එරට ජනතාවට කර තිබූ අනතුරු ඇඟවීම ලිහිල් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයත් සමග “ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය නොවන සංචාරයන් සිදුකිරීමෙන් වළකින” ලෙස ඉන්දියාව තම ජනතාවට ලබාදී තිබූ නියෝගය ලිහිල් කර වෙනුවට ” ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස”ට වන නව නියෝගයක් නිකුත් කර ඇත.

එසේම ස්විස්ටර්ලන්තයද පාස්කු ප්‍රහාරයෙන් පසු , ශ්‍රී ලංකාවේ අනවශ්‍ය සංචාරයන් සිදුකිරීමෙන් වලකින ලෙසට නියෝග කර තිබු අතර එය “ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලසීමාව තුළ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ අවධානයක් තබා ගත යුතු ය ” යනුවෙන් සංශෝධනය කර ඇත.