ත්‍රස්තවාදය අවසන් කර වසර 10ක් පිරීම නිමිත්තෙන් මැදවච්චියේ සිට කොළඹට රණවිරු පාගමන් අද ආරම්භ කළේය.
මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ රණවිරු පාගමන ජුනි 08 වැනිදා දක්වා කොළඹ නිදහස් චතුරස්‍රයේ අසලින් අවසන් කිරීමට නියමිතය.
මෙම රණවිරු පාගමන වෙනුවෙන් යුධ හමුදාවේ පූර්ණ ආරක්ෂාව මැදවච්චියේ සිට කොළඹ දක්වාම සැපයීමට නියමිතය.

