ජනාධිපතිවරණය දෙසැම්බර් 07 !

Picture of අසංක

අසංක


මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම නොවැම්බර් 09 හා දෙසැම්බර් 09 අතර කාලයේ පැවැත්වීමට නියමිත බව රූපවාහිනි සංවාදයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව ආසන්නයේම නොවැම්බර් 15 හෝ අවසානයෙන් දෙසැම්බර් 07 දිනයේ හෝ ඒ අතර දිනෙක ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව හෙතම සදහන් කරයි.
මෙම රූපවාහිනි සංවාදයේදී ඔහු හදිසි මහ මැතිවරණයකට වුවද සුදානම්බව ප්‍රකාශ කිරීම කැපී පෙනේ. ඊට අමතරව ඔහුගේ සහ මැතිවරණ කොමිසමේ අභිලාශය මග හැරී ඇති පළාත් සභා මැතිවරණය බව පෙන්වා දුන්නේය


කෙසේ වෙතත් ජනාධිපතිවරණය දෙසැම්බර් 07 සෙනසුරාදා පැවැත්වෙනු ඇතැයි ඇතමෙක් ඉගි පළ කරති. කෙසේ වෙතත් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් දෙසැම්බර් මුල ඇරඹෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙර එම ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.
ඒසේ නොමැතිනම් නොවැම්බර් 09, දෙසැම්බර් 09 අතර තිබෙන සෙනසුරාදා දිනෙක බොහෝවිට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ යැයි අනුමාන කළහොත් නොවැම්බර් 16, නොවැම්බර් 23,නොවැම්බර් 30 දෙසැම්බර් 07 දිනයන්ගෙන් එකක මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝවිට ඉඩ ති‌බේ.


අදාල රූපවාහිනි සංවාදයේදී මැතිවරණ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය මෙසේය.
1988 මෙයට වඩා භයානක තත්ත්වයක් තිබුණේ. උඩින් යටින් මැදින් පත්තුවුණ වෙලාවේ ඡන්ද පොළ නියෝජිතයො මරණවා. ඡන්දෙ දාන අය මරණවා ඒවා තියෙද්දි අපි ඡන්දෙ තිබ්බෙ. ඒ නිසා මේක භීෂණයක් නෙමෙයි. රටක බෝම්බ පිපුරුවයි කියලා තැන් තැනක කඩු තුවක්කු හමුවුණයි කියලා ඡන්දයක් කල් දාන්න ඔනද ? ඒක අර යක්ෂයා බෝම්බ ගැහුවට වඩා ප්‍රශ්නයක් ඡන්දයක් කල් දැම්මොත්. ජනාධිපතිවරණයක් මේ අවුරුද්දෙ නොවැම්බර් 09 දෙසැම්බර් 09 පෙර තියන්නම අවශ්‍යයයි. අන්තිම දිනේ දෙසැම්බර් 07. ළගම දිනේ නොවැම්බර් 15. මේ දවස් දෙක ඇතුලෙ තියෙනවා මයි. මැතිවරණ කොමිසම් සභාව ගරු කථානායකට, අගමැතිතුමාට ජනාධිපතිතුමාට මේ බව දන්වලා තියෙන්නෙ. කොමිසම් සභාව රැස්වුණාම මේ බව නිල වශයෙන් කියනවා. ඡන්දෙදි මහජනතාවට ඔරු වැල්ලට එන්න ලොකු කෝඩ වළක්වන එක ජනමාධ්‍යවල වගකීමක්. යැයි හෙතම පැවැසීය.