අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා කටයුතු පිළිබඳ සහකාර රාජ්ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතා ලබන සතියේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය
, මැයි 29 වන දා සිට ජුනි 7 වන දා දක්වා සහකාර රාජ්ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතා සිංගප්පූරුව, ඉන්දියාව සහ ශ්රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ශ්රී ලංකාවේ සිදු කරන සංචාරයේදී ඔහු ආරක්ෂාව සහ සාමය පවත්වා ගැනීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ප්රතිත්රස්තවාදය හා දෙපාර්ශවයට වැදගත් වෙනත් අංශ පිළිබඳව මෙරට අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.