සහල් වර්ග කිහිපයකට උපරිම මිලක් නියම කර තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසන්නේ ඊට අදාළ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බවයි.
2019 මැයි 31 වැනිදා සිට මෙම නියෝගය බලපැවැත්වේ.
ඒ අනුව සුදු නාඩු, රතු නාඩු සහ සුදු සම්බා යන සහල් සඳහා පහත ගැසට් පත්‍රයේ පරිදි උපරිම මිල පනවා තිබේ.
