ප්‍රහාරය වනතුරු අසාත් සාලි, බෝම්බකරුවන් රැක්ක හැටි DIG කෙනෙකු හෙළිදරව් කරයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වන සහරාන් ඇතුළු ඔහුගේ කල්ලිය ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි පොලීසියට කරන ලද බලපෑම් පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් දැවැන්ත හෙළිදරව්වක් කිරීමට සූදානම් වෙයි.

තවත් දින කිහිපයකින් පොලිස් සේවයෙන් ඔහු විශ්‍රාම යාමට නියමිතය.

ඔහු විසින් මෙම හෙළිදරව්ව කිරීමට සූදානම් වන්නේ ඉන් පසුවයි.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සතුව හඬ පට ඇතුළු සාක්ෂි බොහොමයක් ඇති බව සඳහන්‍ ය.

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සමග පොලීසියට මෙම බලපෑම් බරපතළ ලෙස සිදුවූ අයුරු ඔහු විසින් හෙළි කිරීමට නියමිත ය.