මහජන සාමය සහ ආගමික සංහිඳියාව කඩකිරීම යනාදී චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ ප්රධානී අමිත් වීරසිංහ නමැති අය ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කළාය.
සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහරින ලෙස අතිරේක මහේස්ත්රාත්වරිය නියෝග කළාය.