වෛද්‍ය සාෆි ගැන වෛද්‍ය සභාව නිහඩ ඇයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේම වැරදි කරන වෛද්‍යවරුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ දින (4)  වෛද්‍ය සාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට  පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

අවාසනාවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාෆි සිහාබ්ඩීන් විසින් සිදුකරනු ලබන මේ සමූලඝාතන වෑයම සම්බන්ධයෙන් නිහඬතාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා අද අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආවේ දොරට තට්ටු කරලා නිදාගෙන ඉන්නවා නම් ඇහැරවලා තමන්ට නීතියෙන් පැවරිලා තියෙන වගකීම ඉටුකරන්න යැයි සිහිපත් කරලා අපේ පැමිණිල්ල භාර දීම සඳහා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අපි ඉල්ලා සිටියා මෙම සාෆි සිහාබ්ඩීන්ට වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඔහු වැරදිකරු බව තහවුරු වුණොත් ඔහු තවදුරටත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් ජාතිය වඳ කිරීමේ ක්‍රියාවලියේ යෙදීම නතර කරලීමට පියවර ගන්නා ලෙස. මොකද වෛද්‍යවරයෙක් සිය වෘත්තියේ යෙදීම නතර කළ හැකි