මුස්ලිම් ජනතාවට එල්ලවෙන ප්‍රහාර පිලිබද අපි අවධානයෙන් – OIC

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුස්ලිම් ජන කොට්ඨාසය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව තුල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයට අයත් රටවල්වල මෙරට තානාපති කාර්යාල ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධානරණය කර සිටී මේ ප්‍රචණ්ඩ ක්‍රියා කලාපීය සහ ගෝලීය ආරක්ෂාව කෙරෙහි බලපෑම් කරනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මුස්ලිම් ජනතාව සහ ඇතැම් මුස්ලිම් සරණාගතයින්ගේ ආරක්ෂාව පිළිබඳව එල්ල වූ තර්ජන පිළිබඳව කනගාටුවට පත් වන බව ද ඔවුන් පවසති

මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වමින් නිසි පියවර ගන්නා ලෙස මෙම ප්‍රකාශනයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි.