දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියේගෝවලට ඉහළින් ඉහළින් අහසේ පාවුණු අතිවිශාල යමක් එරට අහස නිරීක්ෂණය කරන රේඩාර් පද්ධතියට හසුවී තිබේ.
මෙය පළමුවෙන්ම දැක ඇත්තේ එරට කාලගුණ විද්‍යාඥයන් විසිනි.
දැවැන්ත වලාකුළු වැනි යමක් වුවද එහි හැසිරීම හා පාවීම මෙන්ම එහි විශාලත්වය පිළිබඳ සැකපළවූ කාලගුණ විද්‍යාඥයන් එම රේඩාර් දත්ත තව තවත් විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ඒ මිලියන ගණනක් වූ කුරුමිණි සමූහයක් බවයි.
අහසේ කිලෝමීටර් 130කට අධික ප්‍රදේශයක් පුරා පැතිර තිබූ මෙම කුරුමිණි රැළ පොළවේ සිට අඩි 5000ත් 9000ත් අතර උසකින් පියාසර කරමින් සිට ඇත.
ලේඩිබග් නමැති මෙම කුරුමිණියන් සිය සහකරුවන් සමඟ වසන්ත කාලයට පෙර සියෙරා නෙවාඩා කඳුකරයේ සිට මිටියාවත් වෙත දරුවන් ලැබීම වෙනුවෙන් පියාසර කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව සත්ව විශේෂඥයන් පෙන්වා දී තිබේ.
අහස පුරා ඝන වළාකුලක් ලෙස පියාසර කර ඇති මෙම කුරුමිණියන් මිලියන ගණනක් එලෙස පියාසර කරන්නට ඇති බව අනුමාන කෙරේ.
කුරුමිණියන් වර්ග 200ක් පමණ ඇතත් මෙම ගමනේ යෙදන්නට ඇත්තේු කුමන වර්ගයට අයත් කුරුමිණියන්දැයි නිශිචිතව සොයාගෙන නැත.
The large echo showing up on SoCal radar this evening is not precipitation, but actually a cloud of lady bugs termed a "bloom" #CAwx pic.twitter.com/1C0rt0in6z
— NWS San Diego (@NWSSanDiego) June 5, 2019