සාරි ඔසරි අදින චක්‍රලේඛය වහාම අහෝසි කරන්න නියෝග

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍ය නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණෙන ලෙස දන්වා නිකුත් කල චක්‍රලේඛය වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලන හා \අමාත්‍යාංශයට දන්වා ඇත්තේ ,කාන්තාවන් එක් එක් අවස්ථාවලදී විවිධ ඇඳුම් භාවිත කරන අතර ජන වර්ග අනුව ද අඳින ඇඳුම්වල වෙනස්කම් පවතින බව ය.

මෙය ඔවුන්ගේ මානව හිමිකම් කඩවීමක් බව ද කොමිසම පෙන්වා කොමිසම අවධාරණය කර ඇත.