කළු අජිත් මැරූ විශේෂ බළකායේ වෙඩික්කරු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පත්අඬුවන කළු අජිත් නමැත්තා ඝාතනයට වෙඩි තැබූ බව කියන වෙඩික්කරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අද මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විශේෂ බළකායේ සෙබළෙකි.

මීට පෙර එම ඝාතනයට සහභාගි වූ යතුරු පැදිය පැදවූ සැකකරු හා ඊට යොදාගත් ගිනිඅවිය ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම ඝාතනය පාතාලයේ බරපතළ අපරාධකරුවකු බව කියන දැනට මැගසින් බන්ධනාගාරගතව සිටින ගණේමුල්ලේ සංජීවගේ සැලසුමකට අනුව ඔහු විසින් කරවන ලද්දක් බව අනාවරණය කරගෙන තිබේ.

කළු අජිත් නමැත්තා විසින් විශේෂ කාර්‍ය බළකායට තම කණ්ඩායම පාවා දුන්නේ යැයි සංජීව එම ඝාතනය සැලසුම් කර ඇත.