ශ්‍රීලංගම බස් ධාවනය යථා තත්ත්වයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික සේවක සංගමය අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයන් ආරම්භ කල වැඩ වර්ජනය හේතුවවෙන් අඩාල වූ ශ‍්‍රීලංගම සියලූ බස් රථ අද සිට යළිත් සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව එහි වෘත්තීය සමිති පවසනවා.

ජාතික සේවා සංගමයට අනුබද්ධ ශ‍්‍රීලංගම සේවකයින් ඉකුත් දින කිහිපයක් තිස්සේ වැඩවර්ජනයක නිරත වුණා. එහෙත්, අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ නියොජිතයින් සමග ඊයේ (13) පැවැති සාකච්ඡුාවකින් පසු ඔවුන් එම වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

ශ‍්‍රීලංගම සේවකයින් මෙලෙස වැඩවර්ජනයක යෙදී සිටියේ ලබා දී ඇති උසස්වීම්වලට අදාලව වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්. ඊයේ පැවැති සාකච්ඡාවේදි ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණු බව වැඩවර්ජනය කැඳවා තිබූ වෘත්තීය සමිති පැවසුවා.