ලංකාවට මානව හිමිකම් පාඩම අමෙරිකාව යළි මතක් කරයි

Picture of අසංක

අසංක

මානව හිමිකම්වලට ගරු කරන ලෙසට ඇමෙරිකානු රජය නැවත වරක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකානු කාර්යංශයේ නියෝජ්‍ය සහකාර ‍ලේකම් ඇලිස් ජී ‍වෙල්ස් මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

මෙරට ප්‍රතිසංධාන කටයුතු ,යුක්තිය හා වගවිම හා ජාත්‍යන්තර මානව හිමිකම් එකඟතා අනුව ක්‍රියාත්මක කරන ලෙසද ඇය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙරට ත්‍රස්ත කණ්ඩායම් බිඳ දැමීම හා පාස්කු දින එල්ල වු ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් මැඩලීමට කඩිනමින්
ඇමරිකානු ෆෙඩරල් කාර්යාංශයේ පරීක්ෂණ නිලධාරින් කඩිනමින් යොමු කළ බවද ඇලිස් ජී වෙල්ස් මහත්මිය ප්‍රකාශ කර ඇත.