ආණ්ඩුව ගැන අවසන් තීන්දුව අද

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද වීමසීම අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දිනයේ ආරම්භ වු අතර අද දිනයේත් විවාදය පවත්වනු ලබනවා.

විවාදයෙන් අනතුරුව අද පස්වරු 6.00ට විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම සිදුකිරීමට සූදානම්. ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යොජනාව සම්මත කර ගැනිමට ආණ්ඩු විරෝධි සියලු මන්ත්‍රිවරුන්ගේ සහය අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක සඳහන් කළා.