ලොව විශාලතම දියඇල්ල වන නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප‍්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි පොලීසිය විසින් මෙම පුද්ගලයා සොයා ගෙන තිබුණේ. අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත කි‍්‍රයාවක් බව ද බලධාරීන් සඳහන් කළා.
මුදා ගැනුණු අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇතත් මෙතෙක් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර නැහැ. නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවි බේරා ගත් දෙවන පුද්ගලයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ.
@NiagParksPolice 0400 responded to male in crisis brink of Horseshoe Falls. On arrival male was observed to climb over retaining wall and swept over falls. Male was found sitting on rocks after search of lower river w/non life threatening injuries. Trans. to hosp. further care
— Niagara Parks Police Service (@NiagParksPolice) July 9, 2019