පාර්ලිමේන්තු විකෘතියේ උදාහරණය විජිතමුණි – හදුන්නෙත්ති කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තුව විකෘත්තියක්. මෙතන ඉන්න මන්ත්‍රි විජිතමුණි සොයිසා තමයි ඊට හොදම උදාහරණය.කවුද ඡන්දෙ දුන්නෙ අද කාවද නියෝජනය කරන්නෙ කියලා හිතලා බලන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පැවැසීය. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදයට එක්වෙමින් මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා අද (11) සදහන් කළේය.
මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.

විජිතමුණි සොයිසා අද කොයි පැත්තෙද ඉන්නෙ ? මේ පාර්ලිමේන්තුව විකෘත්තියක්. මෙතන විජිතමුණි සොයිසා තමයි හොදම උදාහරණය. කවුද ඡන්දෙ දීළා එව්වෙ. අද නියෝජනය කරන්නෙ කවුද ?
අප විශ්වාස කරනවා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන්ට අද දිනයේ ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ ජනතාවගේ හද ගැස්ම වෙනුවෙන් ඔබගේ ඡන්දය ලබාදෙන්න. බාල විධියට මේ විශ්වාසභංගයෙදි ඔබේ ඡන්දය දෙන්න එපා.යැයි ඉල්ලා සිටින බව සුනිල් හදුන්නෙත්ති මහතා පැවැසීය.