2019 වසරේ මුල් කාර්තුව තුල, පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ඇත.
2018 වසරේ මුල් කාර්තුව තුල කිලෝග්රෑම් මිලියන 101.7 මෙරට නිෂ්පාදනය කර ඇති අතර මෙම වසරේ මුල් කාර්තුව තුල නිෂ්පාදනය කර ඇත්තේ කිලෝග්රෑම් මිලියන 96.6ක් පමණි. මෙය සංඛ්‍යාත්මකව සියයට 5.1 ක පමණ අඩුවීමක් බව මහා බැංකු වාර්තා පෙන්වාදේ.
පසුගිය අප්‍රේල් මස තුල මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 23.6ක් වූ අතර එය පසුගිය වසරේ අප්‍රේල් මස නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 15ක පමණ අඩුවීමකි.
මේ තත්වය මෙරට තේ කර්මාන්තයට සම්භන්ධ බොහෝ කොටස් වෙත දැඩි ඍනාත්මක බලපෑමක් කරමින් ඇති බවද මහා බැංකුව පෙන්වාදෙයි.

