පැය 24ක් තුළ පුද්ගලයන් 279ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී පැය 24ක කාලයක් තුළ 279 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

2019.07.14 දින සිට අද උදෑසන 6 තෙක් ගතවූ පැය 24ක කාලය තුළ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව 2019.07.05 වැනිදා සිට මෙම මෙහෙයුම ආරම්භ වූ අතර, ගෙවී ගිය දින 10 තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන්ගේ මුළු සංඛ්‍යාව 3154ක් බව පොලිස් මූලස්ථානය පවසයි.