මහ සඟරුවනට කල අපහාසය ගැන රංජන්ට පරික්ෂණයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහමාර්ග රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය තමන් තරයේම ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් එළැඹෙන 21 දාට පෙර ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමුකර තිබේ. අද (15දා) මෙම ලිපිය යොමුකර තිබේ.

රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග නොගැලෙපන බවත් එම කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍යවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

රංජන් රාමනායක මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනු කර  ඇත.