පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ නිවසක අද පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඩෙටනේටර් තොගයක් හා පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෙටනේටර් එම නිවසට බාරදුන් පුද්ගලයා සහ නිවසේ හිමිකරු හා ඔහුගේ පුතුන් දෙදෙනා ය.
ඩෙටනේටර් 290ක් නිවසේ සඟවා තිබියදී සොයාගැනිණ.
පිළියන්දල ප්‍රදේශයේ නිවසක ඩෙටනේටර් සඟවා ඇති බවට ලද තොරතුරක් මත මෙම සෝදිසි මෙහෙයුම කර ඇත.