ASP අලවත්ත CID අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

සහකාර පොලිස් අධිකාරි උපුල් අලවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 2008 දෙසැම්බර් 31 වැනිදා පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඔහු එවකට පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

මෙලෙස අතුරුදන් කර ඇත්තේ අජිත් සුනන්ද කණ්ඩම්බි නමැති පිළියන්දල මඩපාත පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසියට වංචාවක් සම්බන්ධ පැමිණිල්ලක් තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණු පසුව ඔහුට වධහිංසා දීම නිසා අත්අඩංගුවේ සිටියදී මරණයට පත්ව තිබේ.

එම පුද්ගලයාගේ මළ සිරුර පසුව සගවා ඇති අතර අද වනතුරුත් මළසිරුර හමුවී නොමැත.