සහකාර පොලිස් අධිකාරිවරයකු පොලිස් පරීක්ෂක දක්වා පහත හෙළීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.
මෙලෙස තනතුරු දෙකකින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පහත හෙලුණු පළමු අවස්ථාව මෙය බව සැළකේ.
මෙම නිලධාරියා පොලිස් පරීක්ෂකයකුව සිටි සමයේදී එකලස් කරන ලද වාහනයක් භාවිත කරමින් නිවසේ තබාගෙන ඇත.
එමෙන්ම සහකාර පොලිස් අධිකාරි ධුරය දක්වා එම එකලස් කරන ලද වාහනයට නීතිමය පියවර නොගෙන සිටීමත් එම වාහනය පිළිබඳ විමර්ශනයේදී ඔහුගේ නිවසෙන් එම වාහනය හමුවීමත් මෙම පියවර ගැනීමට හේතු වී තිබේ.