මේ දිනවල මතුවී ඇති බැංකු ඒටීඑම් කාඩ්පත් වංචා සම්බන්ධයෙන් ගත යුතු ආරක්ෂිත පියවර සෙසු පාර්ශ්ව සමග එක්ව දැනටමත් තහවුරු කොට ඇතැයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසයි.
ලංකා ක්ලියර් සමාගම හා බලපත‍්‍රලාභී බැංකු සෙසු පාර්ශ්වයන් වේ.
ඒටීඑම් වංචා කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වංචාව පිළිබද විමර්ශන පවත්වා අදාළ පියවර ගෙන ඇත.
කෙසේනමුත් නිරන්තරයෙන් ඒටීඑම් කාඩ්පත් මුදල් හුවමාරු පිළිබ
ද සැළකිලිමත් වන ලෙසත් එස්එම්එස් මගින් මුදල් හර හා බැර කිරීම් ලබාගැනීමට කටයුතු කරන ලෙසටත් ශ‍්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.