ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 21 වැනි සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ.
මොහොට්ටාල මහතා මෙයට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු වරයෙකු වන ඔහු බොස්ටන් උපදේශක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම හිමිකාරිත්ව සහකරු ලෙස ද දැනට කටයුතු කරයි.
සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ අනුව යමින් මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන බව ඔහු සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේය.
නව ක්ෂේත්‍ර කිහිපයක් නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට කටයුතු යොදන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.